Sunday, January 24, 2016

සංගාගේ ක්‍රිකට් දිවියෙන්.... (Y)
(2) කොටස

~මංගල ටෙස්ට් තරග සංචාරය (2000 වර්ෂයේදී) ~

"ඊයේ දිනයේ කුමාර් සංගක්කාරගේ මුල් අවධිය කතාබහට ලක් කෙරුනු අතර අද දිනයේදී ඔහුගේ ජීවිතයේ තවත් කඩයිමක් පිළිබදව ඔබ හමුවට ගෙන ඒමට මා සූදානම්..
(ඊයේ) දිනයේ ඔහු පිළිබදව සටහන් වූ දෙය බැලීමට නොහැකි වූ ඔබ වෙනුවෙන් පහත link එක හමුවේ කියවිය හැක.

https://m.facebook.com/photo.php?fbid=375090266033371&id=100005972023474&set=a.375089129366818.1073741945.100005972023474&refid=17&_ft_=top_level_post_id.375090266033371
"ගාලු කොටු පවුරේ ආශිර්වාදය ඔස්සේ.. එනම් වර්ෂ 2000 ජූලි මස 20 වන දින ශ්‍ර්‍රීලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් වරම් හිමි කරගැනීමට , කුමාර් සංගක්කාර සමත් වූයේ ප්‍රබල කණ්ඩායමක් වන දකුණු අප්‍රිකාවට එරෙහිවයි. .. (Y)

තම මංගල ටෙස්ට් තරගය වෙනුවෙන් , නායක සනත් ජයසූරියගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන කුමාර් සංගක්කාර ඒ වනවිට යන්තම් 22 වෙනි වියේ පසු වූ තරුණ ජවයෙන් පිරිනු කොල්ලෙක් විය.

කණ්ඩායමේ සියලු සගයන්ගේ ආදරය දිනූ සංගා එම තරගයේදී කණ්ඩායමේ කඩුලු රැකීමේ අංශයට යොමු වූ අතර මංගල ටෙස්ට් තරගයේදී පන්දු 65 ක් තුළ මිනිත්තු 81 කාලයක් පිටියේ රැදෙමින් Boje ගේ පන්දුවක් හමුවේ කඩුල්ලට මුවා කිරීමේ වරදට හසුවීමෙන් අනතුරුව ලකුණු 23 කට ක්‍රීඩාංගණයෙන් ඉවත් වීමට කුමාර් සංගක්කාර සිදු විය. කෙසේ වෙතත් කුමාර් සංගක්කාර සහභාගී වූ පළමු තරගයම ඉණිමකින් සහ ලකුණු 15 ජය ගැනීමට ශ්‍ර්‍රීලංකාව සමත් විය.

දකුණු අප්‍රිකාව සමග තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගේදිද කුමාර් සංගක්කාරට ප්‍රමාණවත් ලකුණු සීමවකට ඒමට නොහැකි වුවත් දෙවන තරගයේදිද ලකුණු 24 කට දැවී යාමට සිදු විය .දෙවන ඉණිමේදී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ශ්‍රී ලංක කණ්ඩායම දෙවන ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ අතර තෙවන ටෙස්ට් තරගයේදි පලමු ඉණිමේදී කුමාර් සංගක්කාරට ලබා ගත හැකි වූයේ ලකුණු 25 ක් පමණි. එම තරගයේදීම දෙවන ඉණිමේදී ලකුණු 6 කට දැවී යාමට සිදු වුවද එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. කුමාර් සංගක්කාර තම මංගල ටෙස්ට් තරගාවලිය මෙසේ අරබමින් අද වන විට ඔහු ලෝකයේ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ දෙවන තැන රැදෙමින් සිටී.

හෙට දිනයේදීද සංගාගේ ජීවිතයේ තවත් අංගයක් පිළිබදව තොරතුරු ගෙන ඒමට මා සූදානම්..
(සියලු විස්තර එක්රැස් කරණය සමීර ගොඩපිටියගෙන්..)

No comments:

Post a Comment