- ලෝක කුසලානයේ අතීත සැමරුම් -
එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරග ඇරඹුනු හැටි...
හැත්තෑවේ දශකය ආරම්භ වන්නේ, ජගත් ක්‍රිකට් වංශ කතාවට අලුත් පරිච්ජේදයක් එක් කරමිනි. ඒ වන විට ක්‍රිකට් පිටියේ මුල් බැස ගෙන තිබුනේ, ටෙස්ට් තරග හන්දා, ලෝ පුරා ක්‍රීඩාලෝලිනට ඊට එහා අලුත් යමක් ගැන හිතන්නට තරම් අවශ්‍යතාවයක් මතු උනේ නැහැ. එහෙත් මේ වෙන විට ජගත් ක්‍රිකට් පිටියේ යම් වෙනසක් අපේක්ශා කළ උදවියත් නොසිටියා හෙම නොවෙයි.ලෝකය වෙනස් කලේ මේ වගේ අලුතින් සිතන්නට උත්සාහ කළ මිනිසුන් විසින්..
ඔන්න ඔය වකවානුවක තමයි, 1970-71 ගිම්හාන සමයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍ර්‍රේලියාවේ සංචාරය කලේ. එවකට එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දැරුවේ #රේ_ඉලිංවර්ත්. ඕස්ට්‍රේලියානු පිළ මෙහෙය වූයේ #බිල්_ලෝරී විසින්.
දෙරට අතර තුන්වන ක්‍රිකට් තරගය පැවත්වීමට නියමිතව තිබුනේ වික්ටෝරියා ප්‍රාන්තයේ දැකුම්කලු මෙල්බෝර්න් ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී. එහෙත් මුල් දිනයේ පටන්ම එම තරගයට අධික වර්ෂාවෙන් බාදා පැමිනුණා. එකදු පන්තුවක්වත් යවන්නට නොහැකිව තරගයේ අවසන් දවසත් එලබුනා. ක්‍රීඩා ගාරයට වී දෙපිලේම ක්‍රීඩකයන් පිට්ටනිය දෙස බලා සිටියේ හරිම අලස අයුරින්.මේ අතර මෙල්බෝර්න් ක්‍රිකට් ක්‍රිඩාංගණයට පැමිණ සිටි ප්‍රේක්ශකයොද බලා සිටියේ බලාපොරොත්තු කඩවුනු දෑසින්.
තරගය වැස්සට සේදී ගිය කම්මැලි හැන්දෑවක මෙල්බෝර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කොනක බියර් වීදුරුවක් තොලගාමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටී ක්‍රිකට් ලොවේ දැවැන්තයන් දෙදෙනෙකුට හරිම අපූරු අදහසක් පහල උනා. මොවුන් දෙදෙනා තමයි මෙතුවක් ලොව බිහිවු ශ්‍රේෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන් යුතුව හැදින්වෙන #ශ්‍රීමත්_ඩොනල්ඩ්_බ්‍රැඩ්මන් සහ සංචාරක එංගලන්ත කණ්ඩායමේ කළමණාකරු #ඩේවිඩ_ක්ලාර්ක්. දෙදෙනා අතර පැවති සුහද කතාබහ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ #අපූරු_පෙරළියකට මුලපුරන්නට තරම් තුඩු දේවී කියලා එදා කිසිවෙක් නොසිතන්නට ඇති.
ප්‍රේවේශපත් අරගෙන නොකඩවා මෙල්බෝර්න් ක්‍රීඩාංගණයට පැමිණි දහස් සංඛ්‍යාත ක්‍රිඩා ලෝලීලීන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න ඕනා යැයි සිතාගෙන අලුත් යමක් අත් හදා බලන්නට එදා බ්‍රැඩ්මන් සහ ක්ලාර්ක් කල්පනා කළා. ඔවුන් දෙදෙනා මේ අපූරූ අදහස එදා හැන්දෑවෙම තරග සංවිධායකයන් වෙත ඉදිරිපත් කළා. ටෙස්ට් තරගය ඒ වෙන විට මුලු මනින්ම වාගේ වැස්සට සේදි ගොස් ගෙන තිබූ හින්දා තරග සංවිධයකයන් මේ නැයුම් යෝජනවා ට එක පයින්ම කැමති උණා.
ඒ අනුව ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ 1971 වසරේ ජනවාරි 5 වෙනිදා මෙල්බෝර්න් ක්‍රීඩාංගණයේදී එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයක්
පවත්වන්නට තරග සංවිධයකයින් ලහි ලහියේම සියකු කටයුතු සූදානම් කළා. මේ තීරණය නිසා හරියට බ්‍රැඩ්මන් සහ ක්ලාර්ක්ගේ 'ඉහේ මලක් පිපුණා වගෙයි ' .
තරගය පන්දු ඕවර 40 කට සීමා වෙද්දි මෙල්බෝර්න් ක්‍රීඩාංගණයට එක්රොක් උණු 46000 අදික ක්‍රීඩාලෝලීන් ප්‍රීතියෙන් ඉපිලුණ. ඔවුනට මෙය අතිශය ආස්වාදජනක නැවුම් අත්දැකීමක් බවට පත් වුනා. එතෙක් ක්‍රීඩාගාරයට වී අලසව සිටි දෙපිලේම ක්‍රිඩකයන්ට මෙය අලුත් අත්දැකීමක් උනා. ඒ දවස්වල පන්දු ඕවරයකට අද වගේ නෙවෙයි පන්දු 8 ක් ඇතුළත්. අවසානයේ බිල් ලෝරිගේ නායකත්වයෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිළ එංගලන්තය පරදා ජයග්‍රහණය කළා . අගනා අර්ධ ශකතකයක් වාර්තා කළ එංගලන්තයේ ජෝන් එඩ්‍ර රිච් තමා තරගයේ වීරයා උනේ.
ඔන්න ඔය විදියට තමයි ජගත් ක්‍රිකට් පිටියේ නිල එක්දින ඕවර තරගය ට අඩිතාලම වැටුනේ.
මේ අසිරිමත් තරගයෙන් අනතුරුව ලෝ පුරා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් එක්දින ක්‍රිකට් තරග වලට වසග උනේ. සම්ප්‍රදායික ටෙස්ට් තරග පමණක් නැරබීමෙන් හෙම්බත්ව සිටී ක්‍රිකට් ක්‍රීඩා ලෝලින්ට මෙයින් දැඩි ආස්වාදයක් ලැබුණා. ඇත්තෙන්ම ටෙස්ට් තරග වලට වඩා වැඩි ජීව ගුණයක් ,තරගකාරිත්වයක් මෙන්ම අපුර්‍ර්වත්වයක් එක්දින තරග වලින් ලැබුනා.
ඕස්ට්‍රේලියානු පිළේ 1972 එංගලන්ත සංචාරයේදී පැවති ටෙස්ට් තරග 6 ට අමතරව දෙරට අතර ඕවර 55 කට සීමා වුනු එක්දින තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් පවත්වන්නට තරග සංවිධායකයන් පියවර ගත්තේද, ඒ වන විට එක්දින තරග කෙරෙහි ක්‍රීඩා ලෝලීන් තුළ පැවති මේ අසීමිත ජනප්‍රියත්වය නිසාය.
එම එක්දින තරගාවලිය පැවැතුනෙ "පෘඩෙන්ෂල් කුසලානය " වෙනුවෙන් තරග තුන පැවතුනේ ඕල් ට්‍රැෆැල්ඩ්,ලෝඩ්ස් සහ එඩිප්බැස්ටන් වලදීය. ලොව ප්‍රතම එක්දින සීමිත ක්‍රිකට් තරගාවලියේ ජය එංගලන්තය සතු වුයේ 2 ට 1 ක් ලෙසය.මෙම තරගාවලියෙන් හොද ආදායමක් උපයන්නට තරග සංවිධායකයින් සමත් උනා. ප්‍රවේශපත් අලෙවියෙන් පමණක් ලැබුණු ආදායම ස්ටර්ලිං පවුම් 46 000 ක්...
එක්දින තරග කෙරෙහි පැවති මේ අසීමිත ජනප්‍රියත්වය නිසා ම එවකට ක්‍රිකට් ගහපු රටවල් සියල්ල සහබාගිකරවාගෙන ජාත්‍යන්තර එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියක් පවත්වන්න කියලා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) ලොව දසතින් යෝජනා ගලා ආවා. එහි ප්‍රතිපළයක් වශයෙන් තමයි 1975 දී ලොව ප්‍රථම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබද සංකල්පය පෙරළියට ආවේ..
- සමීර ගොඩපිටියයෙන් -
Wednesday, January 27, 2016
Sunday, January 24, 2016
සංගාගේ ක්‍රිකට් දිවියෙන්.... (Y)
(2) කොටස
~මංගල ටෙස්ට් තරග සංචාරය (2000 වර්ෂයේදී) ~
"ඊයේ දිනයේ කුමාර් සංගක්කාරගේ මුල් අවධිය කතාබහට ලක් කෙරුනු අතර අද දිනයේදී ඔහුගේ ජීවිතයේ තවත් කඩයිමක් පිළිබදව ඔබ හමුවට ගෙන ඒමට මා සූදානම්..
(ඊයේ) දිනයේ ඔහු පිළිබදව සටහන් වූ දෙය බැලීමට නොහැකි වූ ඔබ වෙනුවෙන් පහත link එක හමුවේ කියවිය හැක.
https://m.facebook.com/photo.php?fbid=375090266033371&id=100005972023474&set=a.375089129366818.1073741945.100005972023474&refid=17&_ft_=top_level_post_id.375090266033371
"ගාලු කොටු පවුරේ ආශිර්වාදය ඔස්සේ.. එනම් වර්ෂ 2000 ජූලි මස 20 වන දින ශ්‍ර්‍රීලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් වරම් හිමි කරගැනීමට , කුමාර් සංගක්කාර සමත් වූයේ ප්‍රබල කණ්ඩායමක් වන දකුණු අප්‍රිකාවට එරෙහිවයි. .. (Y)
තම මංගල ටෙස්ට් තරගය වෙනුවෙන් , නායක සනත් ජයසූරියගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන කුමාර් සංගක්කාර ඒ වනවිට යන්තම් 22 වෙනි වියේ පසු වූ තරුණ ජවයෙන් පිරිනු කොල්ලෙක් විය.
කණ්ඩායමේ සියලු සගයන්ගේ ආදරය දිනූ සංගා එම තරගයේදී කණ්ඩායමේ කඩුලු රැකීමේ අංශයට යොමු වූ අතර මංගල ටෙස්ට් තරගයේදී පන්දු 65 ක් තුළ මිනිත්තු 81 කාලයක් පිටියේ රැදෙමින් Boje ගේ පන්දුවක් හමුවේ කඩුල්ලට මුවා කිරීමේ වරදට හසුවීමෙන් අනතුරුව ලකුණු 23 කට ක්‍රීඩාංගණයෙන් ඉවත් වීමට කුමාර් සංගක්කාර සිදු විය. කෙසේ වෙතත් කුමාර් සංගක්කාර සහභාගී වූ පළමු තරගයම ඉණිමකින් සහ ලකුණු 15 ජය ගැනීමට ශ්‍ර්‍රීලංකාව සමත් විය.
දකුණු අප්‍රිකාව සමග තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගේදිද කුමාර් සංගක්කාරට ප්‍රමාණවත් ලකුණු සීමවකට ඒමට නොහැකි වුවත් දෙවන තරගයේදිද ලකුණු 24 කට දැවී යාමට සිදු විය .දෙවන ඉණිමේදී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ශ්‍රී ලංක කණ්ඩායම දෙවන ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ අතර තෙවන ටෙස්ට් තරගයේදි පලමු ඉණිමේදී කුමාර් සංගක්කාරට ලබා ගත හැකි වූයේ ලකුණු 25 ක් පමණි. එම තරගයේදීම දෙවන ඉණිමේදී ලකුණු 6 කට දැවී යාමට සිදු වුවද එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. කුමාර් සංගක්කාර තම මංගල ටෙස්ට් තරගාවලිය මෙසේ අරබමින් අද වන විට ඔහු ලෝකයේ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ දෙවන තැන රැදෙමින් සිටී.
හෙට දිනයේදීද සංගාගේ ජීවිතයේ තවත් අංගයක් පිළිබදව තොරතුරු ගෙන ඒමට මා සූදානම්..
(සියලු විස්තර එක්රැස් කරණය සමීර ගොඩපිටියගෙන්..)

~~ලෝක ජනහදවත් තුළ නොමැකෙන නාමය- "කුමාර් සංගක්කාර "~~
(1) කොටස...
--සංගාගේ මුල් අවධිය--
" මධ්‍යම කදුකරයේ,මනරම් කදු වැටි වලින් වටවූ පුණ්‍ය භූමියක ස්වභාදහම් ආශිර්වාදය මැද්දේ එනම්, කුමාරි වෙදාඅරච්චි චොක්ශන්ද්‍රා මුදලිගේ සහ චොක්ශානද වෙදාඅරච්චි සංගක්කාරට දාව 1977 ඔක්තෝම්බර් 27 වන දින කුමාර් සංගක්කාර උපත ලබන්නට විය.
තම කෙළිලොල් වයසේ පටන් ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයටද විශිෂ්ටයෙන් උනු මොහු තම ජීවිකාව ළමාවියේ පටන්ම අරභන්නට රුසියෙක් විය. එම හේතුවෙන් ඔහුන්ගේ දෙමාපියන්ගේ දැඩි කැපවීම මත සංගාගේ ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය සදහා එවකට ප්‍රමුක පෙළේ පාසලක් මෙන්ම ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හිමි එකම පාසල වූ ත්‍රිත්ව විද්‍යාලය ට මොහු ඇතුලත් කිරිමට ඔහුගේ දෙමාපියන් සමත් විය. තම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මෙන්ම සහෝදරියකුගේ සෙවෙනේ හැදී වැඩුනු සංගා කුඩා කළ සිටම ක්‍රීඩාවට විශිෂ්ටයෙක් විය. ඔහුගේ සහෝදරයින් දෙපල තුෂාරි සහ සාරංගා වූ අතර විමේන්ඩ්‍ර සංගාගේ වැඩිමහල් සහෝදරිය විය. මොවුන් සියලු දෙනමා තම පාසල් වියේ ජාත්‍යන්තර තලයේ විශිෂ්ටයන් වූ අතර සංගා නාමය ලොව තුරා රැව්දෙන්නට විය. කුමාර් සංගක්කාර තම පාසල් වියේදි ක්‍රීඩවන් බොහෝමයකට සහභාගී වූ අතර ඒ අතර බැඩ්මින්ටන් ,හොකී,පිහිනුම් ,ක්‍රිකට් යන ශේත්‍රයන් හී ඉහළ දක්ශතාවයන් පෙන්වූ තරුවක් බවට පත් විය.නමුත් එවකට ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිව සිටී ලෙනාඩ් ද අල්විස් මහතා විසින් මොහුව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන ලෙස සංගාගේ මවගෙන් ඉල්ලීමක්ද කර ඇති බව සදහන් වේ. තම ඉල්ලීම කාරුණිකව භාරගත් එතුමිය සංගා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමට අඩිතාලම විය.
තම පවුලෙන් ලැබුනු නොබද සහයත්, සමගින් දැඩි කැපවීමෙන් යුතුව අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රීඩාවද සමබරතාවයෙන් කරගෙන ගිය ඔහු වර්තමාන පාසල් ශිෂ්‍යන්ට ආදර්ශවත් පුරවැසියෙකි. තම සිහිනයන් සිහිනයක් පමණක් බවට පත් වන සමාජයක, එම සිහිනයගේ සැබෑ වීරයෙකු වීමට හැකියාව ඇති කරගත් සංගා එවකට එනම් 1996 වසරෙදී පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර දැරීමට තරම්ද රුසියෙකු විය. ඒ පමණක් නොව , එවකට පාසල් සිසුවෙකුට හිමිවන "The Ryde Gold Medal " සම්මානයෙන්ද මොහු පිදුම් ලබන්නේ ඔහුගේ දැඩි කැපවීමත්, විශිෂ්ටත්වයට මුසු වූ තරුණ ජවයත් එක් රොක් කරගනිමිනි. තම ජීවිතයේ ඉහළ ගමනක් යෑමට අඩිතාලම දාගත් කුමාර් සංගක්කාර ඔහුගේ පාසල් ක්‍රිකට් දිවිය වයස අවුරුදු 13 පහළ අවදියේ පටන්ම ආරම්භ කරන්නට විය. එවකට ප්‍රධාන පුහුණුකරු වූ උපනන්ද ජයසුන්දර යටතේ පුහුණුවීම් වල නිරත වන්නට විය. ඉන්පසු වයස 15 න් පහළ 17 න් පහළ සහ 19 පහළ ක්‍රිකට් ඉගෙන ගනු ලැබුවේ බර්ටි විජේසිංහ ගුරුපියාණන්ගේ මූලික උපදෙස් මතයි. තම ක්‍රිකට් ක්‍රීඩාව නිසියාකරව හැසිරවූ සංගා පාසල් වියේ දැක්කූ නොබද දක්ශතාවය හේතුවෙන් ඔහු පිළිබද පාසල තුළ මෙන්ම ක්‍රීඩා සංවිධාන අතරතද කතාබහට ලක්වන්නට විය. ඉන්පසුව මොහුගේ දක්ශතාවය මත ශ්‍රීලංකා "A" කණ්ඩායමේ ස්තානයක් හිමි කරගැනීමට සමත් වන්නේ 1998/1999 වර්ශයන් හී දකුණු අප්‍රිකාවට එරෙහිවය. එයින් තම ක්‍රිකට් දිවිය අරභන කුමාර් සංගක්කාර වර්ශ 2000 දී තම මංගල ටෙස්ට් වරම් හිමි කරගනු ලබන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිවය. තම දෙමාපියන්ගේත්, පාසලේ අභිමානයත් ලෝ තලයට ගෙන යන්න සැරසෙන මේ පුරුෂයා එදා පටන් ගත් ඒ වික්‍රමය තවමත් ලෝ පතල ක්‍රිකට් විරුවන් අතරේ විශිෂ්ටයෙකු වී හමාරය !
සංගාගේ ජීවිකාවේ තවත් කොටසක් මගින් හෙට දිනයේදිත් හමු වෙමු !
(සියලු විස්තර එක්රැස්කරණය "සමීර ගොඩපිටියගෙන්" )

Subscribe to:
Comments (Atom)