Saturday, November 24, 2018

රශීඩ් හා ස්ටොක්ස් ශ්‍රී ලංකා පිල වනසති



සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ  පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ  ශ්‍රී ලංකා කණ්ඩායමට  සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 240 ක් පමණි. දෙවැනි දිනය වන අද ( 24 ) තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 183 ක් ලබාසිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු කඩුලු 8 ම පැය දෙකක් තුළදී දවාලීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූයේ, තරගයේ පළමු  ඉනිමේ වැඩි වාසිය ඔවුන් වෙත නතුකර ගනිමිනි.

ඒ අනුව දෙවැනි ඉනිම ඇරමීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 3 ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 99 කින් පෙරමුණේ පසුවෙයි.

කුසල් මෙන්ඩිස්ගෙන් පසු පිටියට පිවිසි කිසිදු පිතිකරුවෙකුට ස්ථාවර වීමට අවස්ථාවක් ලබා නොදුන් බෙන් ස්ටොක්ස් හා අදිල් රශීඩ් ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ගත වූයේ පැය දෙකකටත් වඩා අඩු කාලයකි.

ආරම්භක කඩුල්ල ලෙස පිටියට පිවිසි  දිමුත් කරුණාරත්නට හා ධනුෂ්ක ගුණතිලකට එතරම් වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව ලබා නොදුන් ජැක් ලීච් ලකුණු 18 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක පිටයෙන් ඉවත් කිරීමත්  සමග ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල අහිමි විය.

ධනුෂ්කගේ දැවී යාමෙන් පසු  නැවතත් පිටියේ එක් වූ දිමුත් කරුණාරත්න හා ධනංජය ද සිල්වා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 142  ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාට සාර්ථක ආරම්භයක් ගෙන දුන්නද, මැදපෙළ පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹයක නිරත වීම  නිසා මෙම ටෙස්ට් තරගයේද වැඩි වාසිය එංගලන්තය වෙත නතුවිය.

පන්දු  129 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 73 ක් ලබා සිටි ධනංජය ද සිල්වා, අදීල් රශීඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ශ්‍රී ලංකාවට දෙවැනි කඩුල්ලද අහිමි කරමිනි. ධනංජය හා සාර්ථක සබඳතාවයක් ගොඩ නැගූ දිමුත් කරුණාරත්නද, ශතකයට තවත් ලකුණු 17 ක් තිබියදී  අදිල්ගේ ගොදුරක් බවට පත්වීම නිසා ලකුණු 83 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය.

ඉන් අනතුරුව පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් ( ලකුණු 27  ) හා මාලින්ද පුෂ්පකුමාර ( ලකුණු 13 ) හැරෙන්නට අනෙකුත් පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 ලබා ගැනීමටත් පෙර පිටියෙන් ඉවත් වීමට සිදු වීමට හේතුවෙන් ශ්‍රී ඉනිමේ කඩා වැඩීමට ශ්‍රනිකයෙන් සිදුවිය.

තම ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අදිල් රශීඩ් පන්දුවාර 13. 5 කදී ලකුණු 49 කට කඩුලු 5 ක් බිද හෙලිමින් එංගලන්තයට පළමු ඉනිමේ වැඩි වාසිය ලබාදුන්නේය.  ඔහුට මනා සහයක් ලබාදුන් බෙන් ස්ටොක්ස් ලකුණු 30 කට කඩුලු 3 ක් බිද හෙළීය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 336 ක් රැස් කිරීමට සමත් විය. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජොනී බෙයාර්ස්ටොව් පන්දු 186 කදී හයේ පහරක් හා හතරේ පහර 9 ක් සමගින් ලකුණ 110 ක් රැස් කිරීමට සමත් විය. එය ඔහුගේ ටෙස්ට් දිවියේ ලබාගත් හයවෙනි ශතකය බවට පත්විය.

එංගලන්ත පළමු ඉනිම - පන්දුවාර 92.5 කදී සියලු දෙනා දැවි ලකුණු 336
(ජොනී බෙයාර්ස්ටොව් 110, ජෝ රූට් 46, බෙන් ස්ටොක්ස් 57, මොයින් අලී 33, අදිල් රශීඩ් නොදැවී 21, ලක්ෂාන් සඳකැන් 95/5, දිල්රුවන් පෙරේරා 113/3 )

ශ්‍රී ලංකා පළමු ඉනිම - පන්දුවාර 65.5 කදී සියලු දෙනා දැවී ලකුණු 240
( ධනුෂ්ක ගුණතිලක 18, දිමුත් කරුණාරත්න 83, ධනංජය ද සිල්වා 73, කුසල් මෙන්ඩිස් 27, මාලින්ද පුෂ්පකුමාර 13, අදිල් රශීඩ් 49/5, බෙන් ස්ටොක්ස් 30/3 )


සමීර ගොඩපිටිය ( Mirror Games ඇසුරෙනි) 

Friday, September 9, 2016

"පහරට නමක්" දුන් ඔටුනු නොපලන් කුමාරයකුගේ නික්ම යාම !

" පහරට නමක් " දුන් ඔටුනු නොපලන් කුමාරයෙකුගේ නික්ම  යාම..! 

1976 වසරේ ඔක්තෝම්බර් 16 වන දින මෙලොව එළිය දකින තුවාන් මොහමඩ් ඩිල්ෂාන් උපතින් ඉස්ලාම් භක්තිකයෙකු වූ අතර ඔහුගේ පියා මැලේ ජාතිකයෙක් විය. මව බුද්දාගම ඇදහුවද ඩිළ්ෂාන් උපන්නේ ඉස්ලාම් ආගමිකයෙකු ලෙසයි. පියාගේ ගමන් මග යමින් කුඩා කළ සිටම පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ දිල්ෂාන් මූලික අධ්‍යාපනය ලබන්නේ යාපනය මහා විද්‍යාලයෙනි. නමුත් ඉන්පසුව කලුතර මහා විද්‍යාලයට ඇතුලු වීමත් සමගින්, දිල්ශාන්ගේ පාසල් ක්‍රිකට් දිවිය ඇරඹෙන අතර දිල්ෂාන්ගේ එම හැකියාව අදුරාගනු ලබන්නේ එවකට කලුතර මහා විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරුවෙකු වූ සුනිල් සලුවඩුවන මහතා විසිනි. උපතින් ඉස්ලාම් ආගමිකයෙකු වී දිල්ශන් වයස අවුරුදු 16 දී බෞද්ධාගමිකයෙකු බවට පත් වේ. ඔහුගේ සහෝදරයාත්, සහෝදරියත් බෞද්ධාගමික වු බැවින් , දිල්ශාන්ද වයස අවුරුදු 16 දී බෞද්ධාගමිකයෙකු වූ බව සදහන් කරයි. 

පාසල් කාලයේ පටන් ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ නොමද ආශාවත්, කැපවීමත් හේතුවෙන් වයස අවුරුදු 13 න් පහල සහ 19 පහල කණ්ඩායම නියෝජනය කිරීමට පවා දිල්ශාන් දක්ෂයෙකු විය. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේන් ජාත්‍යන්තර තලයට පා සටහන් තබනා දිල්ෂාන් ඔහුගේ 1999 වසරේ නොවැම්බර් 18 වන දින සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තම  ජාත්‍යන්තර මංගල ටෙස්ට් තරගයට සහභාවි වීමේ අවස්තාව හිමි කර ගන්නා ලදි. මංගල ටෙස්ට් තරගයේදී එතරම් දක්ෂතා පෙන්වීමට නොහැකි වුවද , දිල්ෂාන් ලකුණු 9 ක් ලබා ගනිමින් සිය ක්‍රිකට් දිවිය අරඹන්නට පටන් ගන්නා ලදී. කඩුල්ලට මුවා කිරීමේ වරදට හසු වීම හේතුවෙන් මුල්ම තරගයෙන් එතරම් දක්ෂතා අතරට ඒමට  නොහැකි වුව ද , සිම්බාබ්වේට එරෙහිව දෙවනි ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් ශතකය වාර්තා කරන දිල්ෂාන් එහිදී නොදැවී ලකුණු 163 ක් ලබා ගැනීමට සමත් වෙයි. ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දිල්ෂාන්ගේ හොදම ඉණිම ලෙස සටහන් වනුයේ ඔහු විසින් 2012 වසරේදී එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේදී ලබාගත් අගනා ලකුණු 193 යි.  මෙය ඔහුගේ හොදම ඉණිම ලෙස සටහන් වීම විශේෂත්වයකි. ටෙස්ට් ක්‍රීඩාවෙන් සමු ගන්නා විට තරග 87 කදී, ලකුණු 5492 ක් ලබාගෙන සිටි අතර එයට ශතක 16 ක් සහ අර්ධ ශතක 23 ක් ඇතුලත් වුනි. පිතිකරණයට පමණක් නොව , පන්දු යැවීමටත් , පන්දු රැකීමටත් දක්ෂයකු වූ මොහු ටෙස්ට් කඩුලු 39 ක් බිද හෙලා ඇත. 

1999 වර්ෂයේ දෙසැම්බර් 11 වන දින සිම්බාබ්වේට එරෙහිව එක්දින වරම් හිමි කරගන්නා දිල්ෂාන් මංගල තරගයේදී රැස් කර ගනු ලබන්නේ ලකුණු 31 ක් පමණි. විවිධ බාධක මැඩ ගනිමින් ඉදිරියට පැමිණෙන මොහු මංගල එක්දින ශතකය නෙදර්ලන්තයට එරෙහිව වාර්තා කරනු ලබන්නේ 2006 වර්ෂයේදීය. එහිදි නොදැවී ලකුණු 117 ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉණිම ශක්තිමත් කරන අතර එහිදී එම තරගයේදීම සනත් ජයසූරිය විසින් අගනා ලකුණු 157 කින් තම ඉණිම ගොඩ නගනු ලැබේ. පසුගියදා අවසන් වූ ශ්‍රිලංකා ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියෙන් ක්‍රිකට් පිටියට සමු දෙන විට දිල්ෂාන් එක්දින තරග 330 කදී , ලකුණු 10, 290 ක් ලබාගෙන සිටි අතර  ලකුණු 10 000 සීමාව පසු කළ ලංකාවේ සිව්වැනියා ලෙසටත් , ලෝකයේ 11 වෙනියා ලෙසටත් වාර්තා පොතට ඇතුළත් වෙන ලදි. 39.27 වේගයක් රදවා ගනිමින් තම එක්දින පිටියේ ශතක 22 කුත් අර්ධ ශතක 47කුත්  ලබා ගනිමින් තම ක්‍රිකට් පිටිය බබලවන්නට විය. එක්දින ක්‍රිකට් පිටියේ දිල්ෂාන්ගේ හොදම ඉණිම ලෙස සටහන් වනුයේ ඔහු විසින් බංග්ලාදේශය එරෙහිව ලබාගත් ඒ අගනා ලකුණු 161 බව ඔබ මෙන් ම මාද දන්නා කරුණකි. ඉන්ඩදියාව හමුවේ ලබා ගත් ලකුණු 160 දී, පන්දු 38 ක් තුළදී, අර්ධ ශතකය ලබා ගන්නා අතර , පන්දු 73 කදී තම ශතකය සම්පුර්‍ර්ණ කරගන්නා මොහු පන්දු 115 තුළදී ලකුණු 150 සීමාව පසු කරන්නට විය. එහිදී ඉන්දියාව ලබා ගනු ලැනු ලකුණු 414ට  පිළිතුරු ඉණිම ශ්‍රීලංකාවට ලබා ගත හැකි වූයේ ලකුණු 411 පමණි.  ජයග්‍රහණයක්  ලබා ගැනීමට නොහැකි වුවද දිල්ෂාන් සෑම ස්තානයකදිම තමන්ගේ උපරිමය කළ ක්‍රීඩකයෙක් බව පෙනේ. එපමණක් නොව, පන්දුවෙන්ද දක්ෂතා පෙන්වු දිල්ෂාන් එක්දින කඩුලු 106 ක් සහ උඩපන්දු 123 කටද තම දායකත්වය සපයා ඇත. 

ටෙස්ට් ක්‍රීඩාවේ මෙන් ම එක්දින ක්‍රීඩාවේ පමණක් නොව විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේද , පෙරළියක් ඇති කරවූ ක්‍රීඩකයෙකු ලෙස දිල්ෂාන් හැදින්විය හැක. ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත වූ සමයක, වසර 17 ක් පුරාවට කණ්ඩායමේ ප්‍රධාන පුරුකක් ලෙසින් තම සේවය ඉහළ අයුරින්ම කළ ක්‍රීඩකයෙකු ලෙස දිල්ෂාන් හැදින්විය හැක. ක්‍රිකට් ක්‍රීඩාවේ කොතරම් වාර්තා තැබුවද , කොතරම් දක්ෂතා දැක්වුවද , ක්‍රීඩකයෙකුගේ නමින් ක්‍රිකට් පහරක් ක්‍රිකට් පොතට ඇතුළත් කර ගැනීම ඉතා අසීරූ මෙන්ම කළ නොහැකි දෙයකි. නමුත් තමන්ගේ නාමය ලෝ තලයට ගෙන යමින්, "Dilscoop " පහරේ නියමුවානන් බවට පත් වීමට දිල්ෂාන්ට හැකියාව ලැබිණ. මේ හේතුවෙන් අපි ලාංකිකයන් වශයෙන් දිල්ෂාන් වෙනුවෙන් අපේ ස්තූතිය පුද කර සිටිමු. 

ප්‍රවේගකාරි විස්සයි විස්ස ක්‍රිකට් පිටිය ආක්‍රමණය කරමින් තරග 79 කදී ලකුණු 1888  ලබා සිටින දිල්ෂාන් , ඔහුගේ එම ලකුණු අතරට ශතකයක් සහ අර්ධ  ශතක 13 ක් තම නම ඉදිරියේ ලියා ගන්නටද සමත් විය. 

තම පන්දුවෙන්ම මෙන් ම පිත්තෙන් ද , ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළ දිල්ෂාන් වසර 17 ක ඒ ක්‍රිකට් දිවියට සමු දීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගෙන ගියද ඔබ කළ ඒ අමරණීය සේවයට ක්‍රිකට් රසිකයන් වශයෙන් අප සුබ පතන්නෙමු ! ඉදිරි අනාගතට සුබ පැතුම් දිල්ෂාන් .! <3

--- සමිර ගොඩපිටිය --- 
(2016/09/09 )

Monday, February 8, 2016

සුබ උපන්දිනයක් !

නවසීලන්ත කණ්
ඩායමේ
නිහතමානී ක්‍රිකට් තරුව..
එක්දින පිටියට තිත තබයි ! 😓

සමුගෙන ගියමුත් ඔබ ,..
සැමදා
රැව්පිළිරැව් දෙයි ඔබේ
නිහතමානිත්වය ! <3

We miss you !

Wednesday, January 27, 2016

- ලෝක කුසලානයේ අතීත සැමරුම් -
එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරග ඇරඹුනු හැටි...

හැත්තෑවේ දශකය ආරම්භ වන්නේ, ජගත් ක්‍රිකට් වංශ කතාවට අලුත් පරිච්ජේදයක් එක් කරමිනි. ඒ වන විට ක්‍රිකට් පිටියේ මුල් බැස ගෙන තිබුනේ, ටෙස්ට් තරග හන්දා, ලෝ පුරා ක්‍රීඩාලෝලිනට ඊට එහා අලුත් යමක් ගැන හිතන්නට තරම් අවශ්‍යතාවයක් මතු උනේ නැහැ. එහෙත් මේ වෙන විට ජගත් ක්‍රිකට් පිටියේ යම් වෙනසක් අපේක්ශා කළ උදවියත් නොසිටියා හෙම නොවෙයි.ලෝකය වෙනස් කලේ මේ වගේ අලුතින් සිතන්නට උත්සාහ කළ මිනිසුන් විසින්..

ඔන්න ඔය වකවානුවක තමයි, 1970-71 ගිම්හාන සමයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍ර්‍රේලියාවේ සංචාරය කලේ. එවකට එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දැරුවේ #රේ_ඉලිංවර්ත්. ඕස්ට්‍රේලියානු පිළ මෙහෙය වූයේ #බිල්_ලෝරී විසින්.

දෙරට අතර තුන්වන ක්‍රිකට් තරගය පැවත්වීමට නියමිතව තිබුනේ වික්ටෝරියා ප්‍රාන්තයේ දැකුම්කලු මෙල්බෝර්න් ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී. එහෙත් මුල් දිනයේ පටන්ම එම තරගයට අධික වර්ෂාවෙන් බාදා පැමිනුණා. එකදු පන්තුවක්වත් යවන්නට නොහැකිව තරගයේ අවසන් දවසත් එලබුනා. ක්‍රීඩා ගාරයට වී දෙපිලේම ක්‍රීඩකයන් පිට්ටනිය දෙස බලා සිටියේ හරිම අලස අයුරින්.මේ අතර මෙල්බෝර්න් ක්‍රිකට් ක්‍රිඩාංගණයට පැමිණ සිටි ප්‍රේක්ශකයොද බලා සිටියේ බලාපොරොත්තු කඩවුනු දෑසින්.

තරගය වැස්සට සේදී ගිය කම්මැලි හැන්දෑවක මෙල්බෝර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කොනක බියර් වීදුරුවක් තොලගාමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටී ක්‍රිකට් ලොවේ දැවැන්තයන් දෙදෙනෙකුට හරිම අපූරු අදහසක් පහල උනා. මොවුන් දෙදෙනා තමයි මෙතුවක් ලොව බිහිවු ශ්‍රේෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන් යුතුව හැදින්වෙන #ශ්‍රීමත්_ඩොනල්ඩ්_බ්‍රැඩ්මන් සහ සංචාරක එංගලන්ත කණ්ඩායමේ කළමණාකරු #ඩේවිඩ_ක්ලාර්ක්. දෙදෙනා අතර පැවති සුහද කතාබහ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ #අපූරු_පෙරළියකට මුලපුරන්නට තරම් තුඩු දේවී කියලා එදා කිසිවෙක් නොසිතන්නට ඇති.

ප්‍රේවේශපත් අරගෙන නොකඩවා මෙල්බෝර්න් ක්‍රීඩාංගණයට පැමිණි දහස් සංඛ්‍යාත ක්‍රිඩා ලෝලීලීන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න ඕනා යැයි සිතාගෙන අලුත් යමක් අත් හදා බලන්නට එදා බ්‍රැඩ්මන් සහ ක්ලාර්ක් කල්පනා කළා. ඔවුන් දෙදෙනා මේ අපූරූ අදහස එදා හැන්දෑවෙම තරග සංවිධායකයන් වෙත ඉදිරිපත් කළා. ටෙස්ට් තරගය ඒ වෙන විට මුලු මනින්ම වාගේ වැස්සට සේදි ගොස් ගෙන තිබූ හින්දා තරග සංවිධයකයන් මේ නැයුම් යෝජනවා ට එක පයින්ම කැමති උණා.

ඒ අනුව ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ 1971 වසරේ ජනවාරි 5 වෙනිදා මෙල්බෝර්න් ක්‍රීඩාංගණයේදී එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයක්
පවත්වන්නට තරග සංවිධයකයින් ලහි ලහියේම සියකු කටයුතු සූදානම් කළා. මේ තීරණය නිසා හරියට බ්‍රැඩ්මන් සහ ක්ලාර්ක්ගේ 'ඉහේ මලක් පිපුණා වගෙයි ' .

තරගය පන්දු ඕවර 40 කට සීමා වෙද්දි මෙල්බෝර්න් ක්‍රීඩාංගණයට එක්රොක් උණු 46000 අදික ක්‍රීඩාලෝලීන් ප්‍රීතියෙන් ඉපිලුණ. ඔවුනට මෙය අතිශය ආස්වාදජනක නැවුම් අත්දැකීමක් බවට පත් වුනා. එතෙක් ක්‍රීඩාගාරයට වී අලසව සිටි දෙපිලේම ක්‍රිඩකයන්ට මෙය අලුත් අත්දැකීමක් උනා. ඒ දවස්වල පන්දු ඕවරයකට අද වගේ නෙවෙයි පන්දු 8 ක් ඇතුළත්. අවසානයේ බිල් ලෝරිගේ නායකත්වයෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිළ එංගලන්තය පරදා ජයග්‍රහණය කළා . අගනා අර්ධ ශකතකයක් වාර්තා කළ එංගලන්තයේ ජෝන් එඩ්‍ර රිච් තමා තරගයේ වීරයා උනේ.

ඔන්න ඔය විදියට තමයි ජගත් ක්‍රිකට් පිටියේ නිල එක්දින ඕවර තරගය ට අඩිතාලම වැටුනේ.

මේ අසිරිමත් තරගයෙන් අනතුරුව ලෝ පුරා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් එක්දින ක්‍රිකට් තරග වලට වසග උනේ. සම්ප්‍රදායික ටෙස්ට් තරග පමණක් නැරබීමෙන් හෙම්බත්ව සිටී ක්‍රිකට් ක්‍රීඩා ලෝලින්ට මෙයින් දැඩි ආස්වාදයක් ලැබුණා. ඇත්තෙන්ම ටෙස්ට් තරග වලට වඩා වැඩි ජීව ගුණයක් ,තරගකාරිත්වයක් මෙන්ම අපුර්‍ර්වත්වයක් එක්දින තරග වලින් ලැබුනා.
ඕස්ට්‍රේලියානු පිළේ 1972 එංගලන්ත සංචාරයේදී පැවති ටෙස්ට් තරග 6 ට අමතරව දෙරට අතර ඕවර 55 කට සීමා වුනු එක්දින තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් පවත්වන්නට තරග සංවිධායකයන් පියවර ගත්තේද, ඒ වන විට එක්දින තරග කෙරෙහි ක්‍රීඩා ලෝලීන් තුළ පැවති මේ අසීමිත ජනප්‍රියත්වය නිසාය.

එම එක්දින තරගාවලිය පැවැතුනෙ "පෘඩෙන්ෂල් කුසලානය " වෙනුවෙන් තරග තුන පැවතුනේ ඕල් ට්‍රැෆැල්ඩ්,ලෝඩ්ස් සහ එඩිප්බැස්ටන් වලදීය. ලොව ප්‍රතම එක්දින සීමිත ක්‍රිකට් තරගාවලියේ ජය එංගලන්තය සතු වුයේ 2 ට 1 ක් ලෙසය.මෙම තරගාවලියෙන් හොද ආදායමක් උපයන්නට තරග සංවිධායකයින් සමත් උනා. ප්‍රවේශපත් අලෙවියෙන් පමණක් ලැබුණු ආදායම ස්ටර්ලිං පවුම් 46 000 ක්...

එක්දින තරග කෙරෙහි පැවති මේ අසීමිත ජනප්‍රියත්වය නිසා ම එවකට ක්‍රිකට් ගහපු රටවල් සියල්ල සහබාගිකරවාගෙන ජාත්‍යන්තර එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියක් පවත්වන්න කියලා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) ලොව දසතින් යෝජනා ගලා ආවා. එහි ප්‍රතිපළයක් වශයෙන් තමයි 1975 දී ලොව ප්‍රථම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබද සංකල්පය පෙරළියට ආවේ..

- සමීර ගොඩපිටියයෙන් -

Sunday, January 24, 2016

සංගාගේ ක්‍රිකට් දිවියෙන්.... (Y)
(2) කොටස

~මංගල ටෙස්ට් තරග සංචාරය (2000 වර්ෂයේදී) ~

"ඊයේ දිනයේ කුමාර් සංගක්කාරගේ මුල් අවධිය කතාබහට ලක් කෙරුනු අතර අද දිනයේදී ඔහුගේ ජීවිතයේ තවත් කඩයිමක් පිළිබදව ඔබ හමුවට ගෙන ඒමට මා සූදානම්..
(ඊයේ) දිනයේ ඔහු පිළිබදව සටහන් වූ දෙය බැලීමට නොහැකි වූ ඔබ වෙනුවෙන් පහත link එක හමුවේ කියවිය හැක.

https://m.facebook.com/photo.php?fbid=375090266033371&id=100005972023474&set=a.375089129366818.1073741945.100005972023474&refid=17&_ft_=top_level_post_id.375090266033371
"ගාලු කොටු පවුරේ ආශිර්වාදය ඔස්සේ.. එනම් වර්ෂ 2000 ජූලි මස 20 වන දින ශ්‍ර්‍රීලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් වරම් හිමි කරගැනීමට , කුමාර් සංගක්කාර සමත් වූයේ ප්‍රබල කණ්ඩායමක් වන දකුණු අප්‍රිකාවට එරෙහිවයි. .. (Y)

තම මංගල ටෙස්ට් තරගය වෙනුවෙන් , නායක සනත් ජයසූරියගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන කුමාර් සංගක්කාර ඒ වනවිට යන්තම් 22 වෙනි වියේ පසු වූ තරුණ ජවයෙන් පිරිනු කොල්ලෙක් විය.

කණ්ඩායමේ සියලු සගයන්ගේ ආදරය දිනූ සංගා එම තරගයේදී කණ්ඩායමේ කඩුලු රැකීමේ අංශයට යොමු වූ අතර මංගල ටෙස්ට් තරගයේදී පන්දු 65 ක් තුළ මිනිත්තු 81 කාලයක් පිටියේ රැදෙමින් Boje ගේ පන්දුවක් හමුවේ කඩුල්ලට මුවා කිරීමේ වරදට හසුවීමෙන් අනතුරුව ලකුණු 23 කට ක්‍රීඩාංගණයෙන් ඉවත් වීමට කුමාර් සංගක්කාර සිදු විය. කෙසේ වෙතත් කුමාර් සංගක්කාර සහභාගී වූ පළමු තරගයම ඉණිමකින් සහ ලකුණු 15 ජය ගැනීමට ශ්‍ර්‍රීලංකාව සමත් විය.

දකුණු අප්‍රිකාව සමග තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගේදිද කුමාර් සංගක්කාරට ප්‍රමාණවත් ලකුණු සීමවකට ඒමට නොහැකි වුවත් දෙවන තරගයේදිද ලකුණු 24 කට දැවී යාමට සිදු විය .දෙවන ඉණිමේදී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ශ්‍රී ලංක කණ්ඩායම දෙවන ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ අතර තෙවන ටෙස්ට් තරගයේදි පලමු ඉණිමේදී කුමාර් සංගක්කාරට ලබා ගත හැකි වූයේ ලකුණු 25 ක් පමණි. එම තරගයේදීම දෙවන ඉණිමේදී ලකුණු 6 කට දැවී යාමට සිදු වුවද එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. කුමාර් සංගක්කාර තම මංගල ටෙස්ට් තරගාවලිය මෙසේ අරබමින් අද වන විට ඔහු ලෝකයේ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ දෙවන තැන රැදෙමින් සිටී.

හෙට දිනයේදීද සංගාගේ ජීවිතයේ තවත් අංගයක් පිළිබදව තොරතුරු ගෙන ඒමට මා සූදානම්..
(සියලු විස්තර එක්රැස් කරණය සමීර ගොඩපිටියගෙන්..)
~~ලෝක ජනහදවත් තුළ නොමැකෙන නාමය- "කුමාර් සංගක්කාර "~~

(1) කොටස...

--සංගාගේ මුල් අවධිය--

" මධ්‍යම කදුකරයේ,මනරම් කදු වැටි වලින් වටවූ පුණ්‍ය භූමියක ස්වභාදහම් ආශිර්වාදය මැද්දේ එනම්, කුමාරි වෙදාඅරච්චි චොක්ශන්ද්‍රා මුදලිගේ සහ චොක්ශානද වෙදාඅරච්චි සංගක්කාරට දාව 1977 ඔක්තෝම්බර් 27 වන දින කුමාර් සංගක්කාර උපත ලබන්නට විය.

               තම කෙළිලොල් වයසේ පටන් ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයටද විශිෂ්ටයෙන් උනු මොහු තම ජීවිකාව ළමාවියේ පටන්ම අරභන්නට රුසියෙක් විය. එම හේතුවෙන් ඔහුන්ගේ දෙමාපියන්ගේ දැඩි කැපවීම මත සංගාගේ ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය සදහා එවකට ප්‍රමුක පෙළේ පාසලක් මෙන්ම ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හිමි එකම පාසල වූ ත්‍රිත්ව විද්‍යාලය ට මොහු ඇතුලත් කිරිමට ඔහුගේ දෙමාපියන් සමත් විය. තම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මෙන්ම සහෝදරියකුගේ සෙවෙනේ හැදී වැඩුනු සංගා කුඩා කළ සිටම ක්‍රීඩාවට විශිෂ්ටයෙක් විය. ඔහුගේ සහෝදරයින් දෙපල තුෂාරි සහ සාරංගා වූ අතර විමේන්ඩ්‍ර සංගාගේ වැඩිමහල් සහෝදරිය විය. මොවුන් සියලු දෙනමා තම පාසල් වියේ ජාත්‍යන්තර තලයේ විශිෂ්ටයන් වූ අතර සංගා නාමය ලොව තුරා රැව්දෙන්නට විය. කුමාර් සංගක්කාර තම පාසල් වියේදි ක්‍රීඩවන් බොහෝමයකට සහභාගී වූ අතර ඒ අතර බැඩ්මින්ටන් ,හොකී,පිහිනුම් ,ක්‍රිකට් යන ශේත්‍රයන් හී ඉහළ දක්ශතාවයන් පෙන්වූ තරුවක් බවට පත් විය.නමුත් එවකට ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිව සිටී ලෙනාඩ් ද අල්විස් මහතා විසින් මොහුව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන ලෙස සංගාගේ මවගෙන් ඉල්ලීමක්ද කර ඇති බව සදහන් වේ. තම ඉල්ලීම කාරුණිකව භාරගත් එතුමිය සංගා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමට අඩිතාලම විය.
තම පවුලෙන් ලැබුනු නොබද සහයත්, සමගින් දැඩි කැපවීමෙන් යුතුව අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රීඩාවද සමබරතාවයෙන් කරගෙන ගිය ඔහු වර්තමාන පාසල් ශිෂ්‍යන්ට ආදර්ශවත් පුරවැසියෙකි. තම සිහිනයන් සිහිනයක් පමණක් බවට පත් වන සමාජයක, එම සිහිනයගේ සැබෑ වීරයෙකු වීමට හැකියාව ඇති කරගත් සංගා එවකට එනම් 1996 වසරෙදී පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර දැරීමට තරම්ද රුසියෙකු විය. ඒ පමණක් නොව , එවකට පාසල් සිසුවෙකුට හිමිවන "The Ryde Gold Medal " සම්මානයෙන්ද මොහු පිදුම් ලබන්නේ ඔහුගේ දැඩි කැපවීමත්, විශිෂ්ටත්වයට මුසු වූ තරුණ ජවයත් එක් රොක් කරගනිමිනි. තම ජීවිතයේ ඉහළ ගමනක් යෑමට අඩිතාලම දාගත් කුමාර් සංගක්කාර ඔහුගේ පාසල් ක්‍රිකට් දිවිය වයස අවුරුදු 13 පහළ අවදියේ පටන්ම ආරම්භ කරන්නට විය. එවකට ප්‍රධාන පුහුණුකරු වූ උපනන්ද ජයසුන්දර යටතේ පුහුණුවීම් වල නිරත වන්නට විය. ඉන්පසු වයස 15 න් පහළ 17 න් පහළ සහ 19 පහළ ක්‍රිකට් ඉගෙන ගනු ලැබුවේ බර්ටි විජේසිංහ ගුරුපියාණන්ගේ මූලික උපදෙස් මතයි. තම ක්‍රිකට් ක්‍රීඩාව නිසියාකරව හැසිරවූ සංගා පාසල් වියේ දැක්කූ නොබද දක්ශතාවය හේතුවෙන් ඔහු පිළිබද පාසල තුළ මෙන්ම ක්‍රීඩා සංවිධාන අතරතද කතාබහට ලක්වන්නට විය. ඉන්පසුව මොහුගේ දක්ශතාවය මත ශ්‍රීලංකා "A" කණ්ඩායමේ ස්තානයක් හිමි කරගැනීමට සමත් වන්නේ 1998/1999 වර්ශයන් හී දකුණු අප්‍රිකාවට එරෙහිවය. එයින් තම ක්‍රිකට් දිවිය අරභන කුමාර් සංගක්කාර වර්ශ 2000 දී තම මංගල ටෙස්ට් වරම් හිමි කරගනු ලබන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිවය. තම දෙමාපියන්ගේත්, පාසලේ අභිමානයත් ලෝ තලයට ගෙන යන්න සැරසෙන මේ පුරුෂයා එදා පටන් ගත් ඒ වික්‍රමය තවමත් ලෝ පතල ක්‍රිකට් විරුවන් අතරේ විශිෂ්ටයෙකු වී හමාරය !

සංගාගේ ජීවිකාවේ තවත් කොටසක් මගින් හෙට දිනයේදිත් හමු වෙමු !
(සියලු විස්තර එක්රැස්කරණය "සමීර ගොඩපිටියගෙන්" )